Thursday, June 15, 2017

පුංචි පුංචි විහිළු කෑලි ......

එක එක දේවල් හිතට එනවා. ඒ වෙලාවට හිතෙනවා මේක බ්ලොග් එකේ ලියන්න ඕනේ කියලා. නමුත් ගෙදර ආවම, නැතිනම් ඔෆිස් එකට ගියාම, එතන තියෙන දේවල් එක්ක මේවා අමතක වෙලා යනවා. ආයේ මතකෙට එන්නෙම නෑ. මේ මොහොතේ යන්තම් මතක පුංචි විහිළු කෑලි දෙකක් ලියලා දාන්නම්. 

මේ කතාව මම ඇහුවේ මම කලින් වැඩ කරපු රිවරිනා හෝටලයේ සහකාර ගනකාධිකරුවෙක් වශයෙන් සේවය කරපු රොමා මහතාගෙන්. එතුමාගේ නියම නම මතක නැති වුණත්, මේ අන්වර්ථ නාමය මට මතකයි. ඔන්න එක සේවකයෙක් එතුමා වැඩ කරපු තැනකට අලුතෙන් බඳවාගෙන තියෙනවා. ඉතිං එයාගේ ජීව දත්ත පෝරමයක් පුරවන්න කියලා, ඒ ස්ථානයේ සේවක අංශයෙන් දීලා තියෙනවා. ඒක ඉංග්‍රීසියෙන් තිබිලා තියෙන්නේ. ඒකෙ සෙක්ස්(Sex) කියන තැනට මොකක්ද දාන්නේ කියලා එයා බොහෝ වෙලාවක් කල්පනා කරළා තියෙනවා. මේක කාගෙන්වත් අහන්නත් බෑනේ. ඉතිං මිනිහා කල්පනා කරළා, කරළා, අන්තිමට අර ෆෝම් එක එතැන ඉන්න ක්ලාක් මහත්තයට දීලා, 
"එහෙනං මම හෙට උදේ වැඩට එන්නම් මහත්තයා"
පින්තූරය ගත්තේ : www.kaplaninternational.com

 කියලා බොහොම ගෞරවයනේ කියළා යන්න ගිහිං. අර ක්ලාක් මහත්තයා මේ ෆෝරම් එක අරගෙන කෙළින්ම ඇවිත් අපේ රොමා මහතා ලඟට. ඇවිත් කෙළින්ම ඒක එතුමා අතට පත් කරළා. රොමා මහතා හෙමිහිට මේක කියවගෙන ගිහිං. සෙක්ස් කියන කොටුවට ඉදිරියෙන් ඒ අහිංසක අයදුම්කරුවා ලියලා තියෙන්නේ ඔකේෂනලි කියළා. ඒ කියන්නේ ඉඳහිට කියන එක.

9 comments:

  1. එහෙනම් අපි වගේ එකෙක්.. හෙහ්..

    ReplyDelete
    Replies
    1. අර මුංඇට කතාව වගේ නේ.

      Delete
  2. An Arabian guy at the aeroport:
    – Name?
    – Ahmed al-Rhazib.
    – Sex?
    – Three to five times a week.
    – No, no… I mean male or female?
    – Male, female, sometimes camel.
    – Holy cow!
    – Yes, cow, sheep, animals in general.
    – But isn’t that hostile?
    – Horse style, doggy style, any style!
    – Oh dear!
    – No, no! Deer run too fast.

    (from the web)

    ReplyDelete
    Replies
    1. මු අපිවත් නරක් කරනවා

      Delete
    2. මේක ඊ මේල් එකක ආවා මතකයි.

      Delete
  3. අපිත් ඉතින් ඔය බනේ තමයි ...
    (18) කනුව අදාල නොවේ

    ReplyDelete
    Replies
    1. මුං ඇට, මුං ඇට කතාව.

      Delete
  4. කෙමෙන්ට් වලට උත්තර නොදුනොත් බෙල්ල ක්රකන්වා

    ReplyDelete
    Replies
    1. පොඩි එකී ළඟදී ඉඳන් මාර වැඩක් කරනවා. තාත්තේ මාව නිදි කරන්න කියනවා. එයා නිදි කරන්න ගිහිං මට නින්ද යනවා. ළඟදී එළු පැටියාගේ කතාවක් කියන්න කිවුවා කියපන්කෝ.

      Delete