මම හිතුවා අලුත් වැඩක් පටන් ගන්න. බොහෝ
දෙනෙක් දන්නවා මම මේ තරම් කාළයක්, ඒ කියන්නේ 2012 පටන් මේ දක්වා ලියපු
බ්ලොග් එක. ඒක ඇවිද්ද පය …… එකට පුරුදු වුණු කට්ටිය බලාපොරොත්තු වෙන්නේ
දිගු බ්ලොග් සටහන්. ඒ කියන්නේ පඳුරු තැලිල්ලත් එක්කම(මාගල්). මට මේ ළඟකදී
ඉඳන් එහෙම එක දිගට ලොකු කාළයක් මේ වෙනුවෙන් කැප කරන්න බැරි බව වැටහුණා.
අනිත් කාරණය හිතට එන පුංචි පුංචි දේවල් සටහනක් විදියට ඇවිද්ද පයට එකතු
කරන්න බෑ. එහෙම දැම්මොත් ඒකෙ ඉන්න පාඨකයෝ මගෙත් එක්ක උරණ වෙනවා. ඉතිං මම
හිතුවා මේ වගේ වැඩක් කරන්න. ඒ හිතට එන පුංචි දේවල් දවස තිස්සේ හෙමින් අකුරු
කරලා හවසට පබ්ලිෂ් කරලා දාන්න(මේ පොස්ට් එක වෙනත් තැනක ලියපු වෙලාවේ එහෙම හිතුවත් සතිපොතෙන් මම බලාපොරොත්තු වෙන්නේ සතියක් තිස්සේ එකතු කරගත් දේවල් එක පාරක පබ්ලිෂ් කරන්න). දැනට එහෙම හිතුවට ඒ වැඩෙත් පසුවට අමාරු
වෙයිද දන්නේ නෑ. මේ වෙනකොට ඇවිද්ද පයට බ්ලොග් පොස්ට් 400 කට දෙකක් හෝ තුනක්
වැඩියෙන් ලියලා තියෙනවා. යහපත් ප්‍රතිචාර ගොඩාක් ලැබුණා. ඒක නොලියා ඉන්න
නෙවෙයි මේක පටන් ගත්තේ, පුංචි-පුංචි දේවල් ගැන ලියන්න. හොඳයි අද එහෙම පුංචි
එකක් ලියන්න හිතුවා.
අද මුලින්ම ලියන්නේ අවුරුදු හතේ – අටේදී මට
තිබුණ පුංචි ආසාවක්. මතකනේ අර ඉබිකටුවේ කතාව. අන්න ඒ වගේ එකක්. හැබැයි ඒක,
එකතු කිරිල්ලක්, මේක ස්ටයිල් එකක්. මම පුංචි කාලේ ඉඳන් හරි ඉස්ටයිල් කාරයා
කියලා මාව බලාගත්තු පුංචි අම්මලා කියන්නේ. මටනම් මතක නෑ. පොඩි කාලේ මගේ
කාමරේ හරි පිළිවෙලට තියෙන්න ඕනෙලු. එහම නැති වුණොත් ලෙඩේ දානවලු. ඒ වගේමයි
පිළිවෙලට අඳින්නත් ඕනෙලු. සමහරවිට ගිය ආත්මයෙන් ගෙනාපු පුරුද්දක් වෙන්න
ඇති. නමුත් කියන්න ආවේ ඒ වගේ දෙයක් නෙවෙයි. මම පුංචි කාලේ මගේ කමිසයට
තියෙන්න ඕනේ කියලා හිතපු ස්ටයිල් එක. මම ඒක මුලින්ම දැක්කේ පොලිස් අංකල්
කෙනෙකුගෙන් වෙන්න ඕනේ. ඒ නැතත් ඒ කාලේ සිවිල් අයත් ඒ වගේ ඒවා අඳිනවා. මම
වැඩි විස්තර කියනවට වඩා හොඳයි මෙන්න මේ රූපේ බලන්න. මම ආස කරපු විදියටම ඒ
කාලේ මගේ ටේලර් වැඩ කරපු අම්මා(අපේ අම්මා තාත්තට කලිසම් කමිස පවා මහපු
කෙනෙක්) කරලා දුන්නා.
පින්තූරය ගත්තේ https://www.desertcart.ae |
දැන් මේකට ආස කරපු තවත් අය ඉන්න පුළුවන්. සමකාලීනයන්ට සම අදහස් පහල වෙනවා
කියන්නේ ඉතිං නිකන්ද ? අම්මා මහලා දුන්න කමිසය මම ඉතාම ආසාවෙන් ඇඳන් හිටපු
බව මගේ මතකයට ආවේ ඊයේ. ඉතාම පැරණි මතකයක් මෙහෙම හිතට ආවේ කොහොමද කියලා
හිතුනද ? පොලිස් මාමලා ඕනෑතරම් දකිනවා, හමුදාවේ අයියලා-මල්ලිලා,
සිකුරිටි-පොකුරිටි කට්ටියත් ඕනෑතරම්. නමුත් මගේ හිත ගියේ මගේ දුවට එයාගේ
අම්මගෙන් ලැබුණු ගවුමක මේ ජාතියේ උරිස් පටියක් තියෙනවා දැක්කම. ඉතිං දැක්ක
ගමන් ලියලා දාන්න ඕනේ නිසා මේ වැඩේ පටන් ගත්තේ. ඇවිද්ද පයට …… එහෙම ගහෙන්
ගෙඩි එන්න වගේ පොස්ට් දාන්න බෑනේ. ඒක සම්මානලාභී බ්ලොග් අඩවියක්නේ. ඉතිං
ආවට ගියාට බෑ. ඒ එක්කම මට පොඩි කාලේ තිබුණ මම ආස කරපු ෂෝර්ට් එකක් මතකයට
ආවා. ඒකත් මේ ළඟදී හමීඩියාස් සේල් එකකට ගිය වෙලාවේ මතකයට ආවේ. මගෙත් එක්ක
එතන හිටපු මගේ මිතුරාට මම දැක්ක ගමන් කිව්වා. “,මචං මට පොඩි කාලේ මෙන්න මේ
පාට ෂෝර්ට් එකක් තිබුණා කියලා.
ඒක මේ වගේ කැටයම් දාපු එකක් නෙවෙයි. දන්නවනේ 70-77 කාළයේ තනි රෙද්ද,
බොත්තම්(ගෝල්ෆිය කියනේ) දාලා තමයි මහන්නේ. මට මතක හැටියට සිප් වත් තිබුණේ නෑ. ඒක මම පුදුම
ආසාවකින් ඇඳපු කොට කලිසමක්. මට එක අතකට හිතෙනවා අර දිග කලිසම අරගෙන ෂෝර්ට්
එකක් කර ගත්තනම් කියලා. ඒ වගේ අපිට නොස්ටැල්ජියාව නොහොත් අතීතකාමය හොඳටම
තියෙනවා. පොඩි කාලේ තේ බෝත්දී දැනුන රස, කාපු කෑම වර්ග වල රස, බීම වර්ග වල
රස, දැනුණු සුවඳවල්, ලබපු අත්දැකීම්. මේවා යලිත් මතකයට ආවම අතීත මතක මාවත්
ඔස්සේ හිත දුවගෙන යනවා. ඒවා තමයි අපි බ්ලොග් සටහන් විදියට අකුරු කරන්නේ.
මේ ළඟදී සිංහල අවුරුද්දට කාපු-බීපු දේවල් ගැන අතීත ආවර්ජනයක යෙදෙනකොට මතකයට
ආවේ අලියා බීම වල තිබුණ ලංකා ලයිම් කියන එක. ඒක බීපු අය අපේ බ්ලොග් අවකාශේ
බොහොම ස්වල්පදෙනෙක් තමයි ඇත්තේ. ඒ අතරේ විචාරක, හැලප අයියා, චෙෆාකි,
නලීන්, මාතලන්, අරූ, රවී, අජිත්, හෙන්රි අයියා අනිවාර්යයෙන් ඉන්න ඕනේ. මගේ මතකයට
නාවත් තව අය ඇති. මේ මෑතකදීත් ආපහු ලංකා ලයිම් කරලියට ආවා. වැඩේ නැගලා ගියේ
නැහැ. දැන් පරපුරට බොන්න ජාති එමටයි නේ. අපිනම් ඉතිං පොරකකා මේවා බිවුවේ.
මගුල් ගෙවල්, මළගෙවල් වල මේවා බොන්නම ගිය කාලෙකුත් තිබුණා.
“මිහිරෙන් මතකයේ රැදී – ඒ රසේ රැඳෙයි මා සිතේ” කියලා මොකක්දෝ ඇඩ් එකක තිබුණා මතකයි. ඒකත් අලියා එකක්මයි.
“ලියාගෙන යනකොට – ගලාගෙන එනවා” මට හිතුණා මේ
බ්ලොග් එකේ තේමාවට ඒක හොඳයි කියලා. මොකක්ද කට්ටියගේ අදහස ? මේ බ්ලොග් එකේ
මාතෘකා නෑ. තියෙන්නේ දින විතරයි. මේක සුදීකගේ දිනපොත.
මේක බලාගෙන යනකොට ඇවිද්ද පයටම දාන්න තිබුණා. එක්කෝ ඔන්න ඔහේ මේකෙම තිබුණාවේ.
මේකත් ඇවිද්ද පය බ්ලෝග් එකේම දාන්න තිබුනා.
ReplyDeleteඅයියගේ කතා වල සුපිරි ගලා ගෙන යන විධියක් තියේනව. එකේන් කියවන්න ආස හිතේනව.
අලුත් බ්ලොග් එක පටන් ගත්තේ කෙටි සටහන් විදියට ලියන්න. ඇවිද්ද පයේ ලියපු දිගු සටහන් කරන්න තරම් වෙලාවක් වෙන් කරගන්න දැනට අපහසු නිසා ඒ වගේම බ්ලොග් ලෝකෙන් ඈත් වෙන්න තියෙන අකමැති කම නිසා. මේ බ්ලොග් එකේ දාන මුල්ම කමෙන්ට් එක වෙලත් ඇවිද්ද පයට තවමත් සෙනෙහෙ දැක්වීම ගැන මගේ ප්‍රණාමය.
Deleteහොදයි... දිනපතා ලියහං
ReplyDeleteහැක ... හැක... මේකත් පරණ එකක් බං. අලුත් එකෙට තාම ලිව්වේ නෑ.
Deleteඇවිදල ඇති වෙලාද එතකොට. හැක්..
ReplyDeleteබ්ලොගර් ෆලෝවර් එක දැම්මෙ නැත්තං අපි එවෙන්නෑ. හැක්..x2
ඇවිදලා ගත්ත අත්දැකීම් බොහොමයක් තවම හිතේ. ඒවා අකුරු කරොත් දඬුවම් කරන්න ශාක්ෂි කර ගන්නත් පුළුවන්. :)
Deleteමිහිරෙන් මතකයේ රැඳී කියන්නෙ ඔරේන්ජ් බාර්ලි ඇඩ් එක
ReplyDeletehttps://www.youtube.com/watch?v=b19px-0QBtE
ඇත්තටම රසවත් නේහ් ...
Deleteමේක අහම්බෙන් දැක්කේ.. හෙහ්..
ReplyDelete//හිතට එන පුංචි දේවල් දවස තිස්සේ හෙමින් අකුරු කරලා හවසට පබ්ලිෂ් කරලා දාන්න(මේ පොස්ට් එක වෙනත් තැනක ලියපු වෙලාවේ එහෙම හිතුවත් සතිපොතෙන් මම බලාපොරොත්තු වෙන්නේ සතියක් තිස්සේ එකතු කරගත් දේවල් එක පාරක පබ්ලිෂ් කරන්න// දැන් අප්‍රේල් 24 ඉඳන් මේ වෙනකං සතියක් උනේ නැතෙයි? හැක්.
මුලින්ම මේක සුදීකගේ දිනපොත කියලා වර්ඩ්ප්‍රෙස් වල ලිවුවා. අජිත් ධර්ම නම් ඒක කියෙව්වා. නමුත් මට තේරුණා ඒ අදහස සත්‍ය වෙන එකක් නොවෙයි කියලා. පස්සේ මම ඒක මෙතනට කොපි + පේස්ට් කළා. ඔය වරහන් ඇතුලේ තියෙන කොටස එක් කලේ මේක පබ්ලිෂ් කරන මොහොතේ.
Deleteමෙහෙම එකක් තියෙද්දි සද්ද නැතිව තව බ්ලොග් අරින්න පුළුවන්ද? පත්තරේ ඇඩ් එක නැත්තන් අඩුම ගානෙ තියෙන බ්ලොග් එකේ ඇඩ් එකක් දාල එපායෑ මේවා කරන්න. සුභ පැතුම්. ඔය උඩ කමිසෙ වගේ තියෙන කීපයක් මමත් ඇන්ඳා ඒ කාලේ.
ReplyDeleteබොහොම ස්තුතියි ඉයන්. මම ඇඩ් එකක් දැම්මා.
Deleteසුදීක......මේක ඉතා රසවත් වැඩක් වෙන බවට මට විශ්වාසයක් තියෙනවා. මම ඉතා උවමනාවෙන් බ්ලොග්ස් කියවන්නෙක්. ඔබට ඉතා සාර්ථක කතා රාශියක් ලිවීමේ හැකියාවක් ඇති බව මට දැනෙනවා. සත්‍යවාදී සහ විවෘත කතා පෙළක් ලියවෙයි කියා ශුවර් එකක් තියෙනවා. හෙමින් හෙමින් ලියාගෙන යන්න. මම කමෙන්ට්ස් නොදැම්මත්, මම කියවනවා. ඔබට අරුත්බර සමාජ පනිවිඩයක් ගෙනයන්නට ශක්තිය ලැබේවා..හැකිවිටක හමුවෙමු.
ReplyDeleteබොහොම ස්තුතියි අරූ. රසවත් වෙනසක් කරන්නයි මට උවමනා. ඉතාම සරලව කෙටියෙන් යමක් ලියන්න තමයි මගේ බලාපොරෝර්ත්තුව.
Deleteඇවිද්ද පයට මෙව්වත් ගැලපෙනව හිටං..
ReplyDeleteලයිම් කතාව නං වැඩිය දිරෙව්වෙ නෑ.
අර ඔරෙන්ජම් බාර්ලිය නං නැගල යනව. හෙහ්.
ලියමු ලියමු කොහෙ හරි කමන් නෑ
ඇවිද්ද පයට මේවා කොට වැඩියි. ඒකට පඳුරු ඕනේ පඳුරු. ලංකා ලයිම් බිවුවනම ඔහොම කියන්නේ නෑ. ඔරේන්ජ් බාර්ලි කිවුවම ඕනෑම කෙනෙකුට මතක් වෙන්නේ මළ ගෙවල්. ක්‍රීම් සෝඩා බොන්න ඕනෙම නිසා අපි හොර ලෙඩ ගත්ත කාලෙකුත් තිබුණා. දැන් ඔය නානාප්‍රකාර බීම වර්ග තිබුණට, ඉස්සර තෝරා ගන්න ගොඩක් වර්ග තිබුණේ නෑ. අවුරුදු දෙකකට කළින් මගේ කෙළී හොස්පිටල් නවත්වන් හිටියා, එතකොට බොන්න තිබුණේ ක්‍රීම් සෝඩා. ලෙමනේඩ් ඉස්සර අපි බොන්න කැමතියි. ඒත් එක කාලෙකදී ඒ රසේ මොකක් හරි වෙනසක් වුණා. අපේ කාන්තා පාර්ශවයට ලිප්ස්ටික් ගේන්න අමතක වුණොත්, නෙක්ටෝ එකක් අරං බිවුවනම් හරි. ජින්ජර් බියර් මම හිතන්නේ ලෝකෙටම අපනයනය කරනවා. මේ අතරේ බිටර් ලෙමන්, ටොනික්, ජින්ජර් ඒල් වලට වෙනම මාකට් එකක් තියෙනවා. මට දුක මේවා ලීටර් බෝතල් නැති එක. ඉස්සර අලියා මිනරල් වෝටර් තිබ්බා, ඒ වගේ කටට රස දැනෙන වතුරක් මම බීලම නෑ. බිවුවා නම් මතුගම ඕවිටිගල වතුර.
DeleteMamath awith kiyewwa.. hithe thiyena ewwa liyanna sinhala ne..:(
ReplyDeleteඅපොයි සිංහලට මොකද වුණේ ? තහනම් කරලද ?
Deleteමමනම් දිනපොත් ලියන එක නැවැත්තුවේ යාළු උන කෙල්ලො ගැන ලියලා අක්කලාට අහු උනාට පස්සෙ. මොකද උන් එකෙක් එක්කවත් මාස 3ක් යාළු වලො ඉන්න බැරි උන නිසා අවුරුද්දට 3 - 4 ක් ගැන ලියලා. පරිස්සමින් පුතෝ.... වැරදිලාවත් ඒවානම් ලියන්න එපා. :D
ReplyDeleteමචං සුභ පැතුම් වැඩේට !
දිනපතා වතගොත සතිපතා ලියන්නට හදවතින්ම සුභ පැතුම්!
ReplyDeleteසුබ පැතුම් අපෙන්. සති පොත මාස් පොතක් නොවේවා කියලා පතනවා
ReplyDeleteඉඳ හිටවත් බුලත් විටක් කනවා නේද ?
Deleteඑල ද බ්‍රා
ReplyDeleteඅපි මේකේ වල බහිනවා
මම දන්නවානේ මෙන්ඩියා ගැන.
Deleteජ යි වේ වා !!1
ReplyDeleteඇයි ඉන්දියන්ද? බොහොම ස්තුතියි.
Deleteකමිසවල වී ෂේප් කියලා පැෂන් එකක් තිබුණා 80 දශකයේ. යෝක් එක, කොට අත්වල, ඉස්සරහට වී අකුරෙන් හැඩයක් දාන.
ReplyDeleteමටත් හිතුණා රසිකලොජිස්ට් වගේ අලුත් වෙන්න. වී ශේප් කියන එක ගැන නම් මතකයක් නෑ. සමහරවිට දැන් තියෙන ස්ලිම්ෆිට් වගේ එකක් වෙන්න ඇති. මතකද ඒ කාලේ තිබුණ රැන්ග්ලර් ෂර්ට් එක ?
Delete++++++++++++++++++
ReplyDeleteඔයා ක්‍රිස්මස් කියලා අපි දන්නවා, ඒකනේ කරේ චර්ච් එකක් එල්ලන් ඉන්නේ. කියලා මගේ මිතුරෙක් නිතරම කියනවා. මටත් හිතුණා ඔයත් ක්‍රිස්මස් එක්කෙනක් කියළා මේ කතිර දැමිල්ල නිසා.
Deleteතාම පොසොන්
Delete[මේ බ්ලොග් එකේ මාතෘකා නෑ. තියෙන්නේ දින විතරයි. ]
ReplyDeleteහෑ ! කෝ දැන් දිනේ?
අනේ සතිපොත කිව්වහම මට එකපාරටම සතිපොළ මතක් උනානේ... දෙකම නරක නැහැ.... දිනපොත් නම් පිටු ඩිංගක් පරිස්සමට ලිව්වොත් හොඳයි නේ?
මේකනේ වැඩේ මුලින්ම මේක වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකක් විදියට ලියන්න පටන් ගත්තා. පස්සේ ඒක නුපුරුදු නිසා, දන්නා බ්ලොගර් එකටම කඩා වැටුණා. ඒ දෙක අතර කාළ පරතරය ටිකක් දිගයි. ඉතිං ඒ දවස් වල මේකේ මොන, මොනවා ලියලා තිබුණාද කියලා මතක නෑ. පස්සේ මේකට කොපි කළාට පස්සේ, ඒකෙ පැහැය වෙනස් වුණා. හරියට අර මැක්කාගේ කතා වගේ. කොහෙන් ගියත් පුරුදු විදියටම වැඩේ වුණා.
Deleteඉස්සර සඟරාවක් තිබුණා දෙසතිය කියළා. ඒක සති දෙකකට වරක් පිට වෙන එකක්. සතිපොළ වගේ දැනෙන නිසා පසුගිය සතියේ ඒකෙ නම "දිනපොතෙන් සතිපොතට" කියලා දැම්ම. දැන් සතිපොතම කරලා දැම්මා.
දිනපොතක් විදියට නම් ලියන්න ගියොත්, බලන අයට කේකුයි පපඩමුයි වගේ තියෙයි.
අලුත් පොස්ට් තුනක් දැම්මා. නොදැකපු අය කියවන්ට ඕනෑ.
ReplyDeleteඑකක්
අනික
අනික
ෆලෝවර් ගැජට් එකත් දැම්මයි කියමුකෝ.