Monday, June 19, 2017

ගෑණු තද කරන්න අකමැති ඇයි .......


මේ වගේ මාතෘකා ඔස්සේ ලස්සන කවි පේලියක් අපේ සෑමා ඉස්සර ලිවුවා. දැන් ඒකා ඒ හැටියට ලියන්නෙත් නැති එකේ මමම මේක ලියලා දාන්නම්. හැබැයි ඔය කවි සීන් මට බෑ. ඇත්තටම ගෑණු මොකද තද කරන්න අකමැති? මම මේ ගැන පොඩ්ඩක් හිතවතියන් කිහිප දෙනෙකුගෙන් විමසීමක් කළා. වැඩි දෙනෙක් කියන්නේ "තද කළා වගේ නෙවෙයි බුරුල් කර ගන්න ගියාම, එපා වෙනවා අනේ" කියලා. සිංහල අවුරුද්දට කිට්ටු කරලා හැම තැනම සේල් පොළවල් තියෙනවනේ, ලේක් හවුස් එක ඉස්සරහ පිට තියෙන ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මන්ත්‍රණ මධ්‍යස්තානයේත් ඒ වගේ සේල් පොළක් තිබුණා. හැමදාමත් තියෙනවා. දවසක් හවස මමත් ඔය පැත්තට සේන්දු වුණා. ඒ කන්න මොනවා හරි තියෙනවද බලන්න. 

ඔහොම ඇවිදගෙන යනකොට මම දැක්කා රටකජු, මුරුක්කු, කඩල විකුනණ අම්මා කෙනෙක්. එයාගෙන් මම ගත්තා මෙන්න මේ පහළින් තියෙන රටකජු මල්ලයි, තවත් මොනවදෝ ජාතියක්. මට හරියටම මතක නෑ. ආ ... කඩල පිටි වලින් හදපු රවුම් මුරුක්කු. ඒක කටින් කඩනකොට, මුරුක්කුව කැඩුනද නැත්නම් දතක් දෙකක් කැඩුනද කියලා දැන ගන්න වෙන්නේ ටිකක් පස්සෙන් පහුව. ඒ තරමට හයියයි හරියට ගල් ගෙඩියක් වගේ. මේ ගල්ගෙඩියක් වගේ කිව්වම මතක් වුණේ. අපේ ඔෆිස් එකේ ඉන්නවා තවමත් අවිවාහක, අවුරුදු පනහ ඉක්මවපු කෙනෙක්. එයා තරුණ කාළේ බස් එකක යනකොට කවුදෝ කෙනෙක් එයාට පොඩි හේත්තුවක් දාලා. පහුවදා කට්ටිය එක්ක වැඩේ විස්තර කරනවා. "හරියට ගල්ල්ගෙඩියක් වගේ" කියලා. ඉන් පස්සේ කට්ටිය එයා දැක්කම කියන්නේ "හරියට ගල්ල්ගෙඩියක් වගේ" කියලා. 

දැන් ඒ රටකජු පාර්සලේ මම ගත්තේ පසු පාවිච්චියට. හැබැයි අර අම්මා ඒක, දුන්නේ මෙන්න මේ විදියට. ඒ කියන්නේ ගැටේ බුරුලට. මේ වෙනකොට මේ ගැන මම පොඩි නිරීක්ෂණයක යෙදිලා හිටියේ.



කාන්තාවෝ බොහෝ වෙලාවට ටැප් එක තදින් වහන්නේ නෑ. මේ නිසා අපේ නිවසේ ජලය අපතේ ගිය වාර අනන්තයි. සීනි බෝතල්, ජෑම් බෝතල්, මාමයිට් බෝතල්, මේවා තදින් වහන්නේ නැති නිසා කූඹි රිංගපු වාර අනන්තයි. ඇහුවොත් කියන්නේ මම හොඳින් වැහුවා කියන එක. නමුත් එයාලා හොඳින් කියන ගාන පිරිමි අයට මදියි. වැරදිලා හරි පිරිමි කෙනෙක් වහපු බෝතලයක් අරින්න ගියොත්  තමයි වැඩේ. කොහොම හරි වහපු කෙනාටම ඇරලත් දෙන්න වෙනවා. 

මේකේ මාතෘකාව බලලා කැත හිතිං ආපු අය ගැන මට ඉතා කනගාටුයි. 

9 comments:

  1. //මේකේ මාතෘකාව බලලා කැත හිතිං ආපු අය ගැන මට ඉතා කනගාටුයි. //

    එහෙමවත් කියපු එකට බොහොම ස්තූතියි

    ReplyDelete
    Replies
    1. මේකට කාන්තාවකගේ රූපයක් දැම්මනම් කොහොමද ?

      Delete
  2. සමහර වෙලාවට මම වහපු ටැප් , මටම ඇර ගන්නත් බැ.. :/

    ReplyDelete
    Replies
    1. මට මේක තේරුණා, ගෙදර විතරක් නෙවෙයි, බොහෝ තැන් වලදී. නිරීක්ෂණය තමයි වැදගත්.

      Delete
  3. ඉයන්ගෙ කොමෙන්ට් එක දැක්කට පස්සෙ තමයි මාතෘකාව බැලුවෙ හිටං.

    ඔය මූඩි තදකරන වැඩේ කොමන් ඉෂූ එකක් එහෙනං.

    ReplyDelete
    Replies
    1. අනේ උඹ කොච්චර හොඳ එකෙක්ද මලේ ? මම ලියන ඒවාගේ මාතෘකා අද වුණත් බලන්න එනවා.

      Delete
  4. මම හිතුවෙ ගස්ලබ්බි ගෙ ප්‍රස්නයක්ද මේ කියලා.බලනකොට පොදු තත්වයක්නෙ..
    ඔබ පලකල කණගාටුව වෙනුවෙන් කෘතඥ්ඥවෙමි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මේක ගෑණු-පිරිමි ප්‍රශ්ණයක්.

      Delete
  5. කණගාටුව පලකරාට ස්තූතියි .. මේක දැක්ක ගමං කුප්ප හිතට ආපු කොමෙන්ට් එක තමයි 'තද කරාම ඇර ගන්න අමාරුයි නේ' කියල.. බැලුවම ඒකම තමයි හේතුව.. හැක්

    ReplyDelete