හැම දෙයකටම සිංහල වචනයක් තියෙන්නම ඕනෙද ? අනේ නෑ. එහෙම නැති වචන ඕනේ තරම් තියෙනවා. අපිට සිංහල වචනෙට වඩා ඉංග්රීසි වචනය හුරු අවස්ථා කිහිපයක් තියෙනවා. එහෙම ඒවා ගැන ලියන්න මම මේක අවස්ථාව කර ගන්නේ නෑ. පල් හෑලි නැතිව කෙටියෙන් සටහනක් තියන්න ඕනේ වෙලාවට මේක පාවිචිචි කරන්න හිතං ආරම්භ කරපු නිසා, මෙතන මේ වගේ පුංචි දේවල් වලට හොඳයි කියළා හිතෙනවා.
සෙල්ෆියක් කියන්නේ තමන්ගේ රුව තමන් විසින් ගන්නා ඡායාරුපයක්. මේ වචනය ඉංග්රීසි භාෂාවටත් අලුත් නිසා. සිංහල වචනය හැදෙන්න ටිකක් කල් ගියාම මොකද?
තමන්ගේ + රුව = තමරූ
ඒ විදියට ලියන්න පුළුවන්. වැඩේ තියෙන්නේ තමරු කියන්නේ නෙළුමට නිසා මේ දෙක පටලවා ගන්න පුළුවන්.
තමන්ම + ගැනීම = තමගැනීම
විදියට වුණත් ලියන්න පුළුවන්. තම ගැනීමක් = සෙල්ෆියක්, හෝ තමරුවක් = සෙල්ෆියක් විදියට සටහන් කරන්න පුළුවන්. මොනවද ඒ ගැන ඔබේ අදහස්?
සෙල්ෆි කියන එකම හොඳයි වගේ. හැක්..
ReplyDeleteමුලින්ම ඉංගිරිසියෙන් ඇහුවම ඕක වෙනවා.
Deleteස්වයංකාය කියල දාමු අපි.
ReplyDeleteතමයං (තමන්ගේ + සමයං) කියළා දැම්මොත් කොහොමද ?
Delete