Friday, July 28, 2017

ෆ්‍රෙඩි සිල්වාගේ අනාවැකිය .......

ෆ්‍රෙඩි සිල්වාව සමාන කරන්න පුළුවන් තක්කාලි ගෙඩියකට විතරයි. හරි... හරි... තව දේවල් ඇති. ඒත් මට හිතෙන්නේ එහෙම. මොකද තක්කාලි වෙලාවකට පළතුරක් විදියටත්, වෙලාවකට එළවළුවක් විදියටත් මේක සඳහන් වෙනවා. ෆ්‍රෙඩි සිල්වත් වෙලාවකට විකට නළුවෙක්, ඒ වගේම තවත් වෙලාවකට ගායකයෙක්. ඔහුගේ ගායනය තුළින් ලෝකයට පණිවුඩය ගෙන ගියේ ඔහුගේ වැඩි ප්‍රමාණයක් ගීත රචනා කල ප්‍රේමකීර්ති ද අල්විස් මහතා. ඒක වෙනම කතාවත්. මොනවා වුණත් සිංදුවක් ප්‍රසිද්ධියට පත් වෙන්නේ ගායකගේ නමින්. මොකද ඔය ජනප්‍රියත්වයට ඒක ගායනා කරන වාර ගණනත් වැදගත්. මේවා ඔක්කොම වෙනත් කථා.

ඔබ දන්නවාද ෆ්‍රෙඩී සිල්වා ලෝකයේ කොතරම් සංචාරය කරලා තියෙනවද කියළා. හොඳයි . අපිට මොකටද කියලා ඔබට හිතෙන්න ඇති. ෆ්‍රෙඩී සිල්වා චීනයට ගිය බව ඔබ දන්නවාද? එකත් ඉතිං සාමන්‍ය දෙයක්නේ. නමුත් මේ චීන ගමනේදී බොහොම අපූරු කොලු පොඩ්ඩෙක් ෆ්‍රෙඩීට හමු වුණා. ඔහුගේ නම ෆ්‍රෙඩීට ඇහුන විදියට ජැක්ලා. නමුත් චීන්නුන්ගේ ප්‍රනවුන්ස් අපේ අයට ටිකක් අන්ද බුතයි. එවුන් කලම්බු කියන එක කියවන්නේ ලොලොම්බු කියලා. ඉතිං මේ ජැක්ලාගේ හරි නම ෆ්‍රෙඩී මැරෙනකන් වත් දැනගෙන හිටියේ නෑ. ඒ නම අපේ ෆ්‍රෙඩීට ඇහුනේ ජැක්ලා කියලා.

මේ කොලුවා(තරුණයා) ෆ්‍රෙඩීට කිව්වලු "අංකල් මම රස්සාවක් හොයනවා හොයනවා හරි යන්නේ නෑ. හැබැයි මම අත අරින්නෙත් නෑ. කවදා හරි ලෝකේ කෝටිපතියෙක් වෙලා මම නවතින්නේ. අංකල් සිංදු කියනව නේද ? මම ගැන අංකල් සිංදුවක් කියන්න. බය නැතුව කියන්න. පස්සේ කාලෙක ඒ සින්දුව කිව්ව එක ගැන අංකල්ට ආඩම්බර වෙන්න පුළුවන්"

අපේ ෆ්‍රෙඩීට මේ කොල්ලා ගැන බොහොම අනුකම්පා හිතිලා. ලංකාවට ආපු ගමන් ප්‍රේමකීර්තිට කියලා මේ ගැන. ප්‍රේම් කියන සුනංගුවට සිංදුවක් ලියලා දීලා. මේ කාලෙම තිබුණ චිත්‍රපටියකට ෆ්‍රෙඩී මේක කිව්වා. මේක බොහොම ජනප්‍රිය වුණා.  මේ පහළින් තියෙන්නේ ඒ සිංදුව. වැඩේ තියෙන්නේ ඕක නෙවෙයි.




පස්සේ කාලෙක අර කිවුවා වගේ මේ කොලුවා කොහොම හරි ලෝකේ හොල්ලන බිලියනපතියෙක් වුණා.  හැබැයි ඒක දකින්න ඒ සිංදුව කරපු කිසි කෙනෙක් ඉතුරු වුණේ නෑ. මේ පහළින් තියෙන පින්තූරේ ඉන්නේ ඒ කොලුවා. බලන්න අඳුරනවද කියළා.


දන්නේ නැති කෙනෙක් නෑ. නම ජැක්මා. අපේ ෆ්‍රෙඩීට ඇහුනේ ජැක්ලා කියළා. ඒකයි සිංදුවේ තියෙන්නේ "ජැක්ලා වැටුණේ කකුල ලිස්සලයි" කියලා. ජැක්මා කියන කෙනා ගැන      අමුතුවෙන් අටුවා ටීකා ලියන්න අවශ්‍ය නෑ.  ඔහු තමයි සුප්‍රසිද්ද අලිබබා කියන සමාගමේ හිමිකරුවා. ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 36ක බව ෆොර්බස් සඟරාව පවසනවා. 

12 comments:

  1. Replies
    1. නරකද ++++ දාලා 7788 ට එස්.එම්.එස්. එකක් යැවුවා නම්?

      Delete
  2. ඔහෙත් ඒගමන අර මාගල් රවිය වගේ අ‍තේ පැළවෙන කෙබර කියන්න පටං ගත්තද?

    ReplyDelete
    Replies
    1. බොරුව නැතුව උඹලත් එක්ක ජීවත් වෙන්න අමාරුයි.

      Delete
  3. බොරු කියන්න එපා ඩෝ... හැක්

    ReplyDelete
    Replies
    1. මං මොකටද බොරු කියන්නේ අලිබබාගෙන්ම අහලා බලපන්.

      Delete
  4. මං ගැනත් සිංද්දුවක් ලියන්න කියන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. ෆ්‍රෙඩී සිල්වාගේ සිංදුවක් මෙන්න මේ විදියට ලියන්න පුළුවන් මෙන්ඩා ගැන

      කිව්සී මෙන්ඩා හිතහොඳ මිනිහෙකි ඉපදුනු පුර ගම්මානේ
      මිනිහගේ ජොබ් එක කමෙන්ට් කිරීමයි හැම තැන වියමන් ගානේ
      නිතරම ගෝලිප් ඇද ඇද ඉන්නේ කන්නාඩිය ඇත මුණේ
      මිනිහා ආ විට කියන කතන්දර අහගෙන ඉන්නම ඕනේ

      Delete