Tuesday, July 4, 2017

අදාළ නෑනේ ......

මේකත් අයිති වෙන්නේ පුංචි පුංචි විහිළු කෑලි වලට. ඇවිද්ද පයට මම ලියපු කෙටිම කෙටි ලොල් කතා හෝ ලොල්ද මන්දා කැටගරි දෙකට අදාලා කතාවක් විදියට ගොඩ නගන්න තරම් දීර්ග නැති ඉතාම කෙටි රස කතාවක් මේක මයික්‍රෝ කතාවක්. ඒ නිසා ඇවිද්ද පයට දානවා නම් ඒ මට්ටමට වැටෙනා එකක් වෙන්න ඕනේ. මගේ මිතුරෝ මගෙත් එක්ක තරහ වෙන එකක් නෑ මේ වගේ අලුත් බ්ලොග් එකක් මේ වැඩේට පටන් ගත්ත එකට. මේකට වැටෙන්නේ අරකෙන් විසි වෙන කෑලි කියලා හිතන්න එපා. මේ ආරට වෙනම පාඨක පිරිසික් ඇති වෙයි කියන එකයි මගේ විශ්වාසය.

අපේ මේ බැංකු රස්සාව ආණ්ඩුවේ කියළා මහ ලොකුවට(මගේ එක්ක වැඩ කරන ලසන්ත අපි මොනවා හරි දෙයක් කියලා වැරදුනොත් පස්සේ කියන්නේ "ඔයානේ මහලොකුවට කිව්වේ" කියලා) කියන්නේ, රජයට සම්බන්ධය කියලා මොනවට හරි ගණන් මිණුම් වලට පෙන්වන්න, රජයට ආදායම් ගෙවන්න, ජනතාවට කුමක් හෝ සහනාධාර ණයක් බෙදන්න වගේ දේවල් වලට. ප්‍රතිලාභ පැත්තෙන් ගත්තොත් රජයේ සේවකයන්ට ලැබෙන සමහරක් දේ අපිට ලැබෙන්නේ නෑ. මොබිටෙල් උපහාර තමයි හොඳම උදාහරණය. මේ ළඟදී දවසක් මමත් ගියා මොබිටෙල් උපහාර සිම් එකක් ගන්න. මගේ අම්මේ ආණ්ඩුවේ ඔෆිස් එකක වත් නැති පාට් එකක් බලන්න මටත් මං එක්ක ගිය මගේ මිතුරාටත් සිද්ධ වුණා. පලවෙනි දවසේ සයිටම් විරෝධියොත් එක්ක එතැනට වෙලාවට යන්න බැරි වුණා. දෙවෙනි දවසේ යාන්තමට රිංග ගත්තා. එක කාරුණික කෙල්ලෙක් අපිව යොමු කළා ටිකක් ලොකු පොරකට. ඒකා මුළ ඉඳලාම මේක නොදෙන සයිස් එකෙන් තමයි කතාව. මුලින්ම කිව්වා

"අපි සිම් එක විතරක් දෙන්නෑ" කියලා. මම කිව්වා

"හරි මම විස්තරය හොලා බලලා ආවේ, ෆෝන් එකත් එක්කම ගන්නම්" කියලා.

"මේකේ ඉස්සර වගේ නෑ. 500 මිනිට්ස් විතරයි ෆ්‍රී"

"ප්‍රශ්ණයක් නෑ. මට ටිකක් ඇති.

ඉන් පස්සේ මම ගෙනියපු ස්ටේට්මන්ට් එක බලලා කිව්වා

"මේක ප්‍රින්ට් කරපු එකක්" කියලා. මම කිවුවා

"ඔව් මේක ප්‍රින්ට් කරලා තමයි බැංකුවෙන් එවන්න ඇත්තේ" කියලා. ඊට පස්සේ

"නෑ අපිට ඕනේ බැංකුවෙන් එවපු එක". "

"ඔව් මේක බැංකුවෙන් එවපු එක තමයි"

"කොහෙද වැඩ කරන්නේ ?"

"පීපල්ස් බෑන්ක්"

"අපි පීපල්ස් බෑන්ක් - බෑන්ක් ඕෆ් සිලෝන් දෙකට දෙන්නේ නෑ"

"කලින් දුන්නනේ"

"කලින් දුන්නා දැන් නවත්තලා"

"ඒ මොකද ?"

"නෑ. පීපල්ස් බෑන්ක් - බෑන්ක් ඕෆ් සිලෝන් දෙකට ගවන්මන්ට් පෙන්ෂන් එක නෑනේ"

"ඉතිං මේකට පෙන්ෂන් එක බලපාන්නේ කොහොමද ?"

"සර්ගේ, අම්මා හරි තාත්තා හරි ගවන්මන්ට් පෙන්ෂනර් කෙනෙක් නම් ගන්න පුළුවන්"

"මම කොහොමද එයාලා එක්කන් එන්නේ"

"එහෙනම් කරන්න දෙයක් නෑ. අපි පීපල්ස් බෑන්ක් ප්‍රමෝෂන් එකට දෙන එකක් ගන්න"

"මට දැනටමත් කාඩ් කනෙක්ෂන් එකක් තියෙනවා. මම බැලුවේ බිල් එකක් ගන්න. එතකොට වැඩේ ලේසියි. කමක් නෑ. ඔයාලට දෙන්න ඕනෙත් නැත්තනම් අපිට ගන්න ඕනෙත් නෑ"

ඔන්න ඔහොමයි වැඩේ කෙලවර වුණේ. අර ලීෆ්ලට් එකේම ගැහුවනම් ඉවරයිනේ අපිට බෑ කියලා. ඔන්න ඔහොමයි අපි අවශ්‍ය විට රජයේ වෙන්නෙත්, අනවශ්‍ය විට හැලෙන්නෙත්. ඒ ගැන දුකක් නෑ. මේවා අර්ධ රාජ්‍ය ආයතන, අපිත් ආස නෑ රජයේ සේවකයෝ කියන්න. මොකද මිනිස්සු එහෙම කිවුවම වපර ඇහෙන බලන්නේ. අපිට මේ ළඟදී ආවා ප්‍රයිවට් කම්පැනි එකක ඉඳලා බොස් කෙනෙක්. මිනිහා කියනවා "මම හිතාගෙන ආවේ ආණ්ඩුවේ ඔෆිස් එකක් කිව්වම මම හිතුවේ අයිස් ගහන, වැඩක් කරන්නේ නැති මිනිස්සු සෙට් එකක් තමයි මට මැනේජ් කරන්න වෙන්නේ කියලා. ඒ වුණාට බලාගෙන යනකොට තමුසෙලත් වැඩක් කරනවනේ" කියලා. අපි බොහොම දෙනෙක් හිතාගෙන ඉන්න විදිය එහෙම තමයි. නමුත් නිකං හිතන්න විදුලිබල මණ්ඩලය අර්ධ රාජ්‍ය ආයතනයක්. කොයි තරම් හොඳට සර්විස් එක දෙනවද ? විදුලිය බිඳ වැටෙන්න දෙන්නේ නැතිව. රටේ අවශ්‍යතාව ගණනය කරලා ටර්බයින් ක්‍රියාත්මක කරවන්න. ඒ වගේ තමයි රජයේම වුණත් තමන්ගෙන් වෙන්න ඕනේ සේවේ හරියට දෙන තැන් තියෙනවා.

මම ආවේ වෙනත් විහිළු කතාවක් කියන්න. ඒත් මේ පඳුරු තැලිල්ලකට සෙට් වුණානේ. එහෙනම් දැන් අපි කතාවට බහිමු. මම කොතනද නතර කළේ ? අපිවත් ඔය රජයේ ගාණට සෙට් වන වැඩක් තමයි "වාර්ෂික වත්කම් ප්‍රකාශණය". ඒක රජයේ ඇමති මණ්ඩලයේ ඉඳන් පහලට ඉන්න කොයි කවුරුත් පුරවන්න ඕනේ.
මේක පුරවන අය දන්නවා ඇති මේකේ තියෙන ප්‍රශ්න මාලාව. සමහරවිට ආයතනයෙන්-ආයතනයට වෙනස් වෙන්නත් පුළුවන්.

ඉතිං අපට ලැබුණ ප්‍රශ්න පත්තරේ ගැන කෙටියෙන් කිවුවොත් එදා ඉඳලා අද දක්වා තමන් සතු දේපල පිලිබඳ සංක්ෂිප්ත වාර්ථාවක් මේකෙන් එකතු කර ගන්නවා. මට දැනුණු විදියට කාට හරි ගහන්න උවමනා වුණොත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මේකේ අ‍ඨෝරාශියක් ප්‍රශ්න වලට තනියම උත්තර දීගන්න සාමාන්‍ය කෙනෙකුට අපහසු වෙනවා. මොකද මේ වගේ නීතියම වටිනාකමක් තියෙන ලේඛනයක් පුරවන්න ගියාම, යම්කිසි වැරදි තොරතුරක් සටහන් වුණොත්, සියතින් ගෙල සිඳගැනීමක් වගේ වෙනවා. එහෙම තමන්ට ගහන්න තමන් විසින් ආයුධ සපයන කෙනෙක් නෑ. හැබැයි එහෙම කර ගන්නා අය නැතුවමත් නෙවෙයි. ඒ ටූ ස්මාර්ට් වෙන්න යන අය.  අපේ අය අතරත් එහෙම කෙනෙක් දෙන්නෙක් නැතුවම නෙවෙයි.

අපිත් එක්ක වැඩ කරන එක් සහෝදරියකට තිබුණ ගැටළුවක් තමයි, සමහර ප්‍රශ්න වලට දෙන්න උත්තර නැති වුණාම, ඒවාට මොනවද ලියන්නේ කියලා. උදාහරණයට "ඔබ, ඔබගේ බිරිඳ හෝ ඔබේ දරුවන් නමින් වෙනත් පුද්ගලයන් සතු දේපළක් පවරා ඇතිද ?" වගේ ප්‍රශ්න. මේ වගේ එකකට උත්තරය නැත කියලා ලියන්නත් පුළුවන්. හැබැයි අදාලා නොවේ වගේ උත්තරයකින් "ඔය ප්‍රශ්නේ මගෙන් අහන්න ඕන එකක් නෙවෙයි" කියන උත්තරයෙන් කනට ගහන්න පුළුවන්. මේක පුරවන අතරේ අපිත් එක්ක වැඩ කරන ලලනි මහත්මියට මේ බව මම පැහැදිලි කරලා දුන්නා. ඉතිං ඇය හරි සතුටට පත් වුණා, මේ උත්තරය සම්බන්ධව. ඉන් පස්සේ බොහෝ තැන් වලට මේ අදාළ නොවේ උත්තරය සපයලා තියෙනවා මම දැක්කා.

ඒ උත්තරය සපයපු එක් ප්‍රශ්ණයක් වුණේ "ඔබට මහජන බැංකුවට අමතර වෙනත් බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ගිණුමක් තිබේද ?" වගේ ප්‍රශ්ණයක්. වගේ කියලා මම කිව්වේ, හරියටම ප්‍රශ්නය මේක නොවෙන්නත් පුළුවන් නිසා. මේ ප්‍රශ්නෙට අපේ මිතුරිය අදාළ නොවේ කියලා පිළිතුරු දීලා තිබුණා. ඒක කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්

ඒ ප්‍රශ්නය මට අදාළ වෙන්නේ නෑ. ඒ කියන්නේ මම අයිති වෙන්නේ එක ගිණුමකට වඩා තිබෙන කුලකයට. ඒකෙන් හීන් සීරුවේ කියන්නේ මට වෙනත් බැංකුවක ගිණුම් තිබෙන බව. මේ ගැන විස්තර කල විගස ඇය අහපු ඊළඟ ප්‍රශ්නේ තමයි "ටිපෙක්ස් එකක් තියෙනවද ?" කියන ප්‍රශ්නේ. 

10 comments:

  1. මම එක පස්සේ කෙමෙන්ට් එක

    ReplyDelete
    Replies
    1. මොනවද මෙන්ඩියා කමෙන්ට් පහක්-හයක් වැටෙන මේ බ්ලොග් එකේ එක වුණා කියලා ඇති වැඩේ ? උඹ නම් මාර මිනිහෙක් තමයි.

      Praසන්ன : මම අද කිව්වා කියලා හිතේ තියා ගනින්, උඹ කවදා හරි මැරෙන්නේ දෙමළ අකුරක් ... හිර වෙලා.

      Delete
  2. හැක්.. අර මොබිටෙල් බුවාට සිම් එක දෙකට නමල අහවල් එකේ ගහගන්න දෙකක් කතා කරල එන්නනෙ තිබුණෙ.

    අදාල නැති ඒව හැම තැනටම අදාල නැතිවෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. මට පුදුම සතුටක් ආවා ඌ එක්ක කථා කළාම. මොකද ප්‍රයිවෙට් තියා අපේ බැංකුව වගේ අර්ධ රාජ්‍ය ආතනයකවත් ඔහොම එවුන් දකින්න අමාරුයි අද කාලේ. අනික එකාගේ පර්සනල් ඇපියරන්ස් එකත් මේ රස්සාවට ගැලපෙන්නේ නෑ. මට කියන්න තියෙන්නේ ඔහොම යං කියලා තමයි.

      Delete
  3. යකෝ මොබිටෙල් එකේ එවුන් හිතාගෙන ඉන්නේ උන් පොරවල් කියලද ...ප්‍රසා කියන දේ තමයි උන්ට කියලා එන්න තිබුනේ ..
    පලවෙනිම සැරේ ඔය උපහාර සිම් එක දීපු වෙලාව මම ඒවෙනකොට වැඩ කරේ අනුරාධපුර ඩයලොග් එකේ ඒ දවස්වල මොබිටෙල් එකේ එවුන් ගියේ අඩි දෙකක් තුනක් උඩින්

    ReplyDelete
    Replies
    1. ඒකා කථා කලේ උගෙන් සහනාධාරය ඉල්ලන් ගිය සරණාගතයෙකුට වගේ. මම ආවා. නරක විදියට කථා කලානම් මමත් උගේ ගානටම වැටෙනවා. හැබැයි ගූගල් මැප් වල තියෙන රිවීව් එකකට මම විස්තරේ ලිවුවා. අද කාලේ ඔය වගේ දේවල් මිනිස්සු කියවලා බලනවා. විශේෂයෙන්ම විදේශිකයින් මෙහේ එන්න කළින්. ඒ වගේ දේකින් ඔවුන්ට ලැබෙන්න තියෙන ආදායමෙන් රුපියලක් හරි අඩු වෙනවා.

      Delete
  4. මහජන බැංකුවේ ප්‍රධාන කාර්‍යාලය සමඟ 1995 විතර ඉඳන් 2013 විතර වෙනකම් විවිධ සම්බන්ධ කම් තිබ්බා. බොහෝ විට විශාල ගණුදෙනු කරු අංශය සමඟ. මේ බැංකුවේ සර්විස් ලෙවල් එක ප්‍රයිවට් බැංකු වලත් නැහැ. මම රටේ විශාලම බැංකු ඔක්කොම සමඟ කාර්‍යාලීය වැඩ වලට සම්බන්ධතා තිබිල තියෙනවා. අතිශෝක්තියක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ලෝන් එහෙම ගන්නකොට ඉයන් වැඩේ කරලා දෙයිනේ ?

      Delete
    2. @ඉයන් මේක අපේ බැංකුවට ලැබුණු ලොකු සහතිකයක්.

      Delete